Early childcare මධ්‍යස්ථාන රැසක් අද හදිසියේ වැසේ

ඔස්ටේ්‍රලියාව පුරා child care මධ්‍යස්ථාන රැසක් අද දිනයේදී වසා තැබීමට තීරණය කර තිබෙනවා.

සේවක හිගයට විසඳුම් දෙන ලෙස සහ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමිනුයි එම සේවකයන් මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙය කිසිදු ආකාරයක වර්ජනයක් නොවන බවත් child care සේවක වෘත්තීය සමිති අවධාරණය කරනවා.

මෙම ක්‍රියාමාර්ගය හමුවේ පවුල් 70,000 කට පමණ බලපෑම් එල්ලවනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

child care සේවකයන් පෙන්වා දෙන්නේ වසර 10 කට ආසන්න කාලයක් පුරා පවතින ගැටලු හමුවේ ක්ෂේත්‍රය දැඩි අර්බුදකාරී වාතාවරණයකට පත්ව ඇති බවයි.

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »