ඔස්ටේ්‍රලියාවෙන් ලංකාවට එන සංචාරකයන් ගැන අලුත් ආරංචියක්

මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මේ බව සඳහන් කළා.

මෙම මාසයේ මුල් දින 4 තුළ දී වැඩි ම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 844ක්.

ඊට අමතර ව, පිළිවෙළින් එක්සත් රාජධානිය, ඕස්ටේ්‍රලියා, ජර්මනිය ඇතුළු රටවලින් ද වැඩි සංචාරකයන් ප්‍රමාණයක් එම කාලය තුළ දී පැමිණ තිබෙනවා.

පසුගිය වසර හා සංසන්දනය කිරීමේදී මේ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලය තුළ අපනයන ආදායම සියයට 12.9කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එහි අගය අමෙරිකානු ඩොලර් මිලියන 7,678ක් බවය.

එසේම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අදාළ කාලසීමාවේ ආනයන වියදම පහළගොස් ඇති අතර එහි අගය අමෙරිකානු ඩොලර් මිලියන 11,315කි.

එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 3.5ක පහළ යැමක් බව මහ බැංකුව පවසයි.

මේ අතර මේ වසරේ පසුගිය ජුලි මාසයේ ආනයන වියදම සියයට 24.8කින් පහළගොස් ඇති බවද  මහ බැංකුව අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

2022 ජූලි මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ දල නිල සංචිතය පිළිබඳ මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, චීනයේ මහජන බැංකුවේ හුවමාරු පහසුකම ඇතුළු ව ශ්‍රී ලංකාවේ දල නිල සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8ක් බවට යි වාර්තා වන්නේ.

එය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5කට පමණ සමාන බව ද මහ බැංකුව පවසනවා.

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »