බංග්ලාදේශය ශ්‍රී ලංකාවක් නොවන බව අගමැතිනිය යළි කියයි

මේවනවිට මුළු ලෝකයම ආර්ථික ගැටලුවකට මුහුණ දී සිටින බව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසනවා.

ඉන්දීය මාධ්‍ය ආයතනයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ බංග්ලාදේශය ද මුහුණ දී ඇත්තේ එවැනි අර්බුදකාරී තත්ත්වයට බවයි.

කෙසේවෙතත් බංග්ලාදේශයේ ආර්ථිකය තවමත් ඉතා ශක්තිමත් බවත්  කොරෝනා වසංගතයට මුහුණ දී සිටි ආර්ථිකය මේවනවිට යුක්රේන – රුසියා යුද්ධය හමුවේ එන බලපෑම්වලට මුහුණදෙමින් සිටින බවත් බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

පවතින තත්ත්වය අනුව බංග්ලාදේශය ද ශ්‍රී ලංකාවක් වනු ඇතැයි ඇතැමුන් මත පළ කරන බවයි බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසන්නේ.

එහෙත් එය කිසිසේත් සිදු නොවනු ඇති බවත්, සංවර්ධන සැලසුම්වලදී සහ ණය ලබාගැනීමේදී සිය රටට හිමිවන ප්‍රතිලාභය කුමක්ද? රටවැසියන්ට ප්‍රතිලාභ හිමිවන්නේ කෙසේද? යන්න සොයා බැලීමකින් තොරව කිසිඳු ව්‍යාපෘතියක් සඳහා මුදල් වෙන් නොකරන බව ද බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »