NSW වේග සීමා කැමරා භාවිතයට නව නියමයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වේග සීමා කැමරා (speed camera) භාවිතය සම්බන්ධයෙන් නව නියමයක් පණවා තිබෙනවා.

ඒ අනුව කිසියම් රියදුරෙකුට දඩයක් නියම කිරීමට පෙර අදාළ කැමරා උපාංග පැහැදිලිව දිස්වන ස්ථානයක පැවති බවට සාක්ෂි සහිතව ඔප්පු කල යුතු වනවා.

ආදායම් උපයා ගැනීමේ අරමුණින් පමණක් ඇතැම් අවස්ථාවලදී ළඳු කැලෑ වැනි ස්ථානවල වේග සීමා කැමරා පිහිටුවා ඇති බවට රියදුරන් විසින් චෝදනා කර තිබීම මීට හේතුවයි.

කෙසේවෙතත් කුමන වාතාවරණයකදී හෝ දඩු මුදල් අඩු කිරීමට හෝ නොගෙවා සිටීමට කිසිවෙකුටත් අවස්ථාවක් නොමැති බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අවධාරණය කරනවා.

මෙම වසර තුළදී පමණක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයට අධී වේග දඩ හමුවේ ලැබී ඇති ආදායම ඩොලර් මිලියන 66 ඉක්මවා ඇතැයි තහවුරු වී තිබෙනවා.

ඒ වේග සීමා කැමරා සංඛ්‍යාව ඉහළ දැමීමත් සමගයි.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »