ගෝඨාභය හෙට හෝ අනිද්දා ආපසු ලංකාවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට හෝ අනිද්දා ආපසු පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඒ තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු මාලදිවයින, සිංගප්පූරුව හරහා තායිලන්තයට ගොස් එහි සති කිහිපයක් ගත කිරීමෙන් පසුවයි.

ගෝඨාභය රාජපක්ෂ මෙරටට පැමිණි පසු හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද හිමිවනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරයා (24) දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි.

එහෙත්, රොයිටර් පුවත් සේවය පවසන්නේ සැප්තැම්බර් මස මුල් සතිය වනතුරු ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයේ රැඳී සිටිනු ඇති බවයි.

ආරක්ෂාව තහවුරු කළහොත් ඊට පෙර වුව ද හිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙනු ඇතැයි එම වාර්තාවේ සඳහන් ය.

තායිලන්තයේ රැඳී සිටීම සඳහා වැය වන අධික වියදම්, හිටපු ජනාධිපතිවරයාගේ ලංකා ගමන ඉක්මන් කිරීමට හේතුවී ඇතැයි ද රොයිටර් පුවත් සේවය සඳහන් කළේ ය.

මේ අතර හිටපු ජනාධිපතිවරයෙකුට නීතියෙන් සම්පාදනය කර ඇති වරප්‍රසාද හා පහසුකම් ගෝඨාභය රාජපක්ෂට ද හිමි විය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබේ.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »