EPF ගන්න පෝළිමේ හිටපු කාලය අදින් අවසන්

MANUSHA

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ප්‍රතිලාභ ගැනීමට සහ සේවා යෝජක ලියාපදිංචියට දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමට පහසුකම් සපයන 1958 කෙටි අංකය සහ appointment.labourdept.gov.lk යොමුව අද දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ජනගත කරන ලදි.

ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ දී ය.

එහි දී අදහස් දැක්වූ අමාත්‍ය මනුෂ නානායක්කාර මෙසේ ද පැවැසීය.

“කම්කරු ලේකම් කාර්යාලයට වැඩිපුර ම ලැබෙන්නේ පැමිණිලි. පොඩි ෆයිල් එකක් දෙන්නත් උදේ ආවාම රෑ වෙනකල් වැඩේ කර ගන්න බෑ, පෝලිම් වල ඉන්න වෙනවා, ලොකු වෙලාවක් රස්තියාදු වෙන්න වෙනවා කියන චෝදනා තමයි වැඩි. ඒ නිසා තමයි අපේ ජනතාවට තමන්ගේ සේවාව ඉටුකර ගන්න කලින් ම වේලාවක් වෙන්කර ගන්න පහසුකම් සලසන්න කටයුතු කළේ.

දැන් කිසිම කෙනෙක්ට රස්තියාදු වෙන්න ඕනේ නෑ. ජංගම දුරකථනයෙන් හෝ අන්තර්ජාලයෙන් විනාඩියක් දෙකක් ඇතුළත තමන්ට පහසු කාර්යාලයක්, දිනයක් වේලාවක් වෙන් කර ගන්න පුළුවන්.

මේ පහසුකම ප්‍රධාන කාර්යාලයට විතරක් නෙවෙයි ලංකාවේ ඕනෑ ම කම්කරු කාර්යාලයකට ම අදාළ යි. මේක නිසා අපිට දිගු වේලාවක් පෝලිම් වල ඉන්න හෝ රස්තියාදු වෙන්න වෙන එකක් නෑ. ඒ වගේ ම කම්කරු කාර්යාලයේ අනෙකුත් මෙහෙයුම් කටයුතු සියල්ලත් මේ විදියට ම ඩිජිටල්කරණය කිරීමට අපි ඉතා කඩිනමින් කටයුතු කරනවා“

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ප්‍රතිලාභ ලබාගැනීම සදහා දැනට පවතින දිගු පෝලිම් අහෝසි වන අතර ප්‍රධාන කාර්යාලයට අමතර ව සියලු දිස්ත්‍රීක්, කලාප සහ උපකාර්යාල මගින් සේවා සපයා ගැනීමට ද වේලාව වෙන්කර ගත හැකි ය.

සාමාන්‍ය ප්‍රතිලාභ අයදුම් කිරීම, 30% ප්‍රතිලාභ අයදුම් කිරීම, මියගිය සාමාජිකයාගේ උරුමකරුවන් ප්‍රතිලාභ අයදුම් කිරීම සහ සේවා යෝජක ලියාපදිංචිවීම් යන කටයුතු මේ ඔස්සේ ඉටුකර ගත හැකි ය.

මෙතෙක් නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට පමණක් සීමා වී තිබූ මාර්ගගත පහසුකම අද සිට දිස්ත්‍රීක් කාර්යාල 40, උපකාර්යාල 17 සහ කලාප කාර්යාල 11 වෙතින් ද ලබාගත හැක.

යම් අධීක්ෂණ කාලසීමාවකින් අනතුරු ව මාර්ගගත ක්‍රියාවලිය අනිවාර්ය කෙරෙන බවත්, කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් කාර්යක්ෂමව සහ කඩිනම් ව ඉටුකර දී මහජනතාව පත්වන අපහසුතාවන් අවම කිරීමට මෙමගින් බලාපොරාත්තු වන බවත්, මෙම අවස්ථාවට එක් වූ කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවැසීය.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »