බ්‍රිස්බන් ගුවන් තොටුපළේ පිරිසිදු කරන්නියන්ට සහය පළකර විරෝධතාවයක්

බ්‍රිස්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරිසිදු කරන්නියන්ට සහය පළකරමින් අද පෙරවරුවේ විරෝධතාවයක් පැවැත්වුණා.

අනෙකුත් කොන්ත්‍රාත් සේවකයන්ට හිමිවන වැටුපට වඩා අඩු වැටුප් තලයක පිරිසිදු කරන්නියන් පිහිටුවා ඇති බවට චෝදනා කරමිනුයි මෙම විරෝධතාව පැවැත්වෙන්නේ.

වාහනවල නලා ශබ්ද කරමින් මෙම විරෝධතාව පවත්වා තිබෙනවා.

එමෙන්ම සේවක හිගය හමුවේ පිරිමි වැසිකිළි පිරිසිදු කිරීම සඳහා පිරිසිදු කරන්නියන් යොදවා ඇති බවද තවත් චෝදනාවක්.

මෙම සියලු ගැටලු පදනම් කරගෙනයි බ්‍රිස්බන් ගුවන් තොටුපළේ අදාළ විරෝධතාව පවත්වා තිබුණේ.

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »