ළමා මන්දපෝෂණයෙන් ලංකාවට 06 වන තැන

දකුණු ආසියාවේ දරුණු මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර 02 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.

එසේම ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ගෝලිය වශයෙන් 06 වන ස්ථානයේ පසුවන බවයි එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

පෝෂ්‍යදායි ආහාරවේලක් නොලැබීම සහ ආහාර මිලදීගැනීමේ හැකියාවක් නොමැතිවීම හේතුවෙන් මෙරට පවුල් රැසක් දෛනික ආහාරවේල මගහරිමින් සිටින බවද එහි දැක්වෙනවා.

එමෙන්ම මීළඟ ආහාර වේල ලැබෙන්නේ කොතැනින්ද යන්න ගැන අවිනිශ්චිතව දරුවන් කුසගින්නේ නිදා ගැනීමට යන බවද ප්‍රකාශ කර ඇති යුනිසෙෆ් සංවිධානය වැඩි දුරටත් පවසන්නේ රට තුළ පවතින ආර්ථික අර්බුදය සමග මතුවී ඇති ජීවන වියදම ඉහළ යාම ජනතාවගේ ආහාරවේලට ද දරුණු ලෙස බලපෑම් එල්ල කර ඇති බවයි.

දිනෙන් දින ආහාරවල මිල ඉහළ යාම ඊට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙනවා.

වැඩිදුරටත් එම සංවිධානය පවසන්නේ, මෙරට ළමුන්ගෙන් සෑම දෙදෙනෙකුගෙන් එක් අයෙකුටම දැනටමත් යම් ආකාරයේ හදිසි ආධාර උපකාර ලබාදීමේ අවශ්‍යතාවයක් ද පවතින බවයි.

එසේම කොරෝන අර්බුදය සමග වසර දෙකක් පමණ ඉගෙනුම් ක්‍රියාවලියට බාධා ඇති වී එය දැඩි ලෙස අඩාල වූ මිලියන 4.8ක ළමුන්ගේ අධ්‍යාපනය, පාසල් පැමිණීම, මෙලෙස ආහාර නොලැබීම නිසා යළි අනතුරට ලක්වීමේ අවදානමට මුහුණ දී ඇති බවයි යුනිසෙෆ් සංවිධානය පවසන්නේ.

මෙරට සංචාරයක නිරතව සිටින යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරී අඩ්ජේ මහතා ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් පළ කළ අතර, “ශ්‍රී ලංකාවේ මා දුටු දෙය දකුණු ආසියාවේ අනෙකුත් රටවලට අනතුරු ඇඟවීමක්” බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »