මෙල්බන් ලාංකිකයෙකුගෙන් T20 කුසලානයට සිතුවමක්

මෙල්බන් නුවර වාසය කරන ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පියෙකු වන වර්නන් තිසේරා විසින් ටී 20 ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් Geelong Kardinia ක්‍රීඩාංගනයේ විශාල බිත්තියක බිතු සිතුවමක් නිර්මාණය කර තිබෙනවා.

ටී 20 ලෝක කුසලානය එක ගසක අතු මෙන් ජාතීන් එක්සත් කරමින් විදහා පෙන්වීමට තමා මෙහිදී කටයුතු කල බවයි ඔහු සඳහන් කලේ.

උපන් ශ්‍රී ලාංකීය දේශයටද ගරුත්වයක් ලබා දෙමින් මෙම බිතුසිතුවම තමා විසින් නිර්මාණය කිරීමේදී සිතේ ඇතිවුන ප්‍රධානතම හැගීම වූයේ එය බවද වර්නන් තිසේරා පෙන්වා දෙනවා.

මේ තමාට උපකාර කල සැමගේ දායකත්වයෙන් එකතුව කරණ ලද නිර්මාණයක් ලෙස නිහතමානිව සටහන් කරන බවත් ඔහු කියාසිටියා.

එමෙන්ම තමාගේ සුපුරුදු සිංහල අත්සන ද මෙම නිර්මාණයේ තබා ඇති බවයි වර්නන් තිසේරා සඳහන් කලේ.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »