රංජන් ට හෙට නිදහස ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට හෙට හෝ ලබන 29 වනදා නිදහස ලැබෙනු ඇති බවට අමාත්‍ය හරින් ප්‍රනාන්දු අනාවැකි පළකරනවා.

ඒ ට්විටර් සටහනක් නිකුත් කරමිනුයි.

මෙම කටයුත්තේ දී වෙහෙස නොබලා කටයුතු කළ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට ද තමන් ස්තුතිවන්ත වන බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිය ට්විටර් සටහනේ සඳහන් කර ඇත.

ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා කියා සිටියේ මනුෂ නානායක්කාර අමාත්‍යවරයා, තමන්ද ඇතුළුව බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීම් සිදුකළ බවයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර 04ක සිර දඬුවම් හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමට නියමිතව ඇත.

ඒ සම්බන්ධයෙන් ඔහු පසුගියදා දිවුරුම් ප්‍රකාශයකට ද අත්සන් තබනු ලැබුවා.

https://twitter.com/fernandoharin/status/1562745930213863424?s=20&t=5PEMeDGKTFxsGk3TOwCfgw

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »