Woolworths හි වාර්ෂික ලාභය $ බිලියන 1.5 ක්

woolworths

ගතවූ මාස 12 තුළදී Woolworths හි වාර්ෂික ලාභය ඩොලර් බිලියන 1.5 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගිය කාල සීමාවේදී ආහාර ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිළ සීඝ්‍රයෙන් ඉහළයාමයි.

කෙසේවෙතත් භාණ්ඩ වර්ග 400 කට ආසන්න සංඛ්‍යාවක මිළ ගණන් වැඩි නොකර සිටීමට හෝ අඩු කිරීමට ද පසුගියදා ඔවුන් තීරණය කලා.

මේ අතර ඊයේ නිකුත් වූ නවතම වාර්තාවක් අනුව ඔස්ටේ්‍රලියාවේ වඩාත් විශ්වසනීයම වෙළඳ සන්නාමය ලෙස ද Woolworths පළමු ස්ථානයට තේරී පත්ව තිබුණා.

පසුගිය කාර්තුවේදීත් ඔවුන් එම ජයග්‍රහණය හිමිකර ගනු ලැබුවා.

නිවසේ ඇස්බැස්ටෝස් තියෙනවා නම් සැලකිලිමත් වෙන්න

රට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »