නිවු සවුත් වේල්ස් අධිවේගී මාර්ගයක ගින්නකින් වාහන 06 ක් අලු

නිවු සවුත් වේල්ස් හි Hume අධිවේගී මාර්ගයේ රථ වාහන ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක් ගිනි ගැනීමෙන් මෝටර් රථ 05 ක් සහ අදාළ ට්‍රක් රථය ගිනිගෙන විනාශ වී තිබෙනවා.

ගිනි නිවීම් භටයන් 20 කට වැඩි පිරිසක් ගින්න පාලනය සඳහා යොදවා සිටි බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරත් සමග Hume අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා තිබුණා.

එය මේ වනවිට නැවත යථා තත්වයට පත් කර තිබෙනවා.

කෙසේවෙතත් ඇතැම් අවස්ථාවලදී රථ වාහන ධාවනයට බාධා පැමිණිය හැකි බවයි නිවු සවුත් වේල්ස් මාර්ග අංශ දන්වා සිටින්නේ.

PICS –

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »