සිඩ්නි නගරයේ ගල් අගුරු – ඉන්ධන සහ ගෑස් ප්‍රවර්ධන වෙළඳ දැන්විම් තහනම්

ගල් අගුරු – ඉන්ධන සහ ගෑස් ප්‍රවර්ධනය කෙරෙන වෙළඳ දැන්විම් තහනම් කිරීමට සිඩ්නි නගර කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගොඩනැගිලි යොදාගනිමින් සහ පොදු ස්ථානවල ප්‍රදර්ශනය කෙරෙන එවැනි දැන්වීම් පුවරු ද තහනම් කිරිමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අනුව ෆොසිල ඉන්ධන ප්‍රවර්ධනය වන දැන්වීම් තහනම් කල ඔස්ටේ්‍රලියාවේ පළමු නගර සභාව බවට සිඩ්නි නාගරික කවුන්සිලය පත්වනවා.

මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව සළකා මෙම තීරණය ගත් බවද ඔවුන් සඳහන් කලා.

වායු දූෂණය මගින් වසරකට ලොව පුරා පුද්ගල මරණ ලක්ෂ 87 ක් පමණ වාර්තා වන අතර එය දුම්වැටි භාවිතයෙන් සිදුවන මරණවලටද වඩා ඉහළ අගයක් වනවා.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »