ඔස්ටේ්‍රලියානුවන් විද්‍යාව කෙරෙහි වැඩි විශ්වාසයක

ලොව සෙසු රටවලට වඩා ඔස්ටේ්‍රලියානුවන් විද්‍යාව සහ විද්‍යාඥයන් කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ඇතැයි නවතම අධ්‍යයනයකදී අනාවරණ වී තිබෙනවා.

සෑම ඔස්ටේ්‍රලියානුවන් 10 දෙනෙකුගෙන් 09 දෙනෙකුම එලෙස විද්‍යාව සහ විද්‍යාඥයන් පිළිබඳ විශ්වාස කරන බවයි මෙහිදී තහවුරු වී ඇත්තේ.

සෑම 05 දෙනෙකුගෙන් 04 දෙනෙකුම විද්‍යාඥයන්ගේ කාර්යයන් පිළිබඳ දැනුවත් වීමට කැමැත්තෙන් පසුවන බවද 05 දෙනෙකුගෙන් 03 දෙනෙකුම විද්‍යාව හේතුවෙන් සෞඛ්‍ය අර්බුද වළක්වාගත හැකි බවද විශ්වාස කරන බව සඳහන්.

පුද්ගලයන් 1000 කට ආසන්න පිරිසක් යොදාගනිමිනුයි මෙම අධ්‍යයනය සිදුකර තිබුණේ.

ඊට සහභාගී වූවන්ගෙන් 10 න් 09 ක් ම පවසා තිබුණේ සමාජ මාධ්‍ය හරහා විද්‍යාත්මක කරුණු පිළිබඳ අසත්‍ය ප්‍රචාරයවීම වළක්වාලීමට පියවර ගත යුතු බවයි.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »