IMF නියෝජිතයන් කණ්ඩායමක් ශ්‍රී ලංකා සංචාරයක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කණ්ඩායමක් ලබන 24 වනදා සිට 31 වනදා දක්වා කාලයේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා බළධාරීන් සමග ආර්ථික සහ මූල්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමයි එහි අරමුණ වන්නේ.

පසුගිය ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවූ නියෝජිතයන් කණ්ඩායමට නායකත්වය දුන් පිරිසම මෙවරත් පැමිණෙනු ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත විස්තීරණ ණය පහසුකම සම්බන්ධ කාර්ය මණ්ඩල මට්ටමේ එකගතාවයකට මෙහිදී එළැඹෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය සම්බන්ධයෙන් අවිනිශ්චිතභාවයක් පැවතීම හමුවේ අතිරේක සහතික ලබාගත යුතුව ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර නිවේදනය කර තිබුණේ.

මෙම සංචාරය අතරතුරදී පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා කිරීමටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සූදානමින් පසුවනවා.

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »