Update: මර්වින් සිල්වා මුදා හැරේ

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් මුදා හරිනු ලැබ තිබේ.

මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඇප නියම කිරීම අනවශ්‍ය බවත්, ⁣නොවැම්බර් 16 අධිකරණය හමුවේ පෙනී සිටීම ප්‍රමාණවත් බවත් ය.

වසර කිහිපයකට පෙර රූපවාහිනි සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා මර්වින් සිල්වා අද උදෑසන

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

ඒ මීට වසර 15 කට පෙර එනම් 2007 වර්ෂයේ දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුලුවී එහි සේවකයන්ට පහර දීමේ සිද්ධියකට අදාළවයි.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »