Coles තනි භාවිත ප්ලාස්ටික් බෑග් භාවිතය අත්හිටුවයි

තනි භාවිත ප්ලාස්ටික් බෑග් භාවිතය අත්හිටුවීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට Coles තීරණය කර තිබෙනවා.

මේ අනුව සැප්තැම්බර් 14 වනදා සිට බලාත්මක වන පරිදි ACT ප්‍රාන්තයේ පිහිටා ඇති සුපිරි වෙළඳසැල් 12 තුළම එම බෑග් භාවිතය නතර කිරීමට නියමිතයි.

මේ සඳහා සූදානම්වීමක් ලෙස අගෝස්තු 31 සිට සැප්තැම්බර් 13 වනදා දක්වා කාලය තුළ ACT ප්‍රාන්තයේ වෙළඳසැල් තුළදී ඩොලර් 05 ට වැඩි මිළකට එළවලු හෝ පළතුරු මිළදී ගන්නා පාරිභෝගිකයන්ට ප්‍රතිචක්‍රීකරණ අමුද්‍රව්‍යයන්ගෙන් නිෂ්පාදිත බෑග් නොමිළයේ ලබාදීම ආරම්භ වනවා.

වසරකට පරිසරයට එකතුවන ප්ලාස්ටික් බෑග් ටොන් 11 ක් පමණ වළක්වාලීම Coles හි අරමුණ වී තිබෙනවා.

ACT ප්‍රාන්තයේ නියමු ව්‍යාපෘතිය වසරක් පමණ ක්‍රියාත්මක කර අත්හදා බැලීමෙන් පසු සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා වෙළඳසැල්වලදී නව බෑග් භාවිතය ආරම්භ කෙරෙනු ඇති.

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »