ඔස්ටේ්‍රලියාවේ විශ්‍රාමිකයන් යළි සේවයට බඳවා ගනී

ඔස්ටේ්‍රලියාව පුරා අංශ රැසක හටගෙන ඇති උග්‍ර සේවක හිගය මගහරවාලීම සඳහා විශ්‍රාමිකයන්ට නිශ්චිත කාලයක් යළිත් සේවය කිරීමට අවස්ථාව සළසාදීමට ෆෙඩරල් රජය තිරණය කර තිබෙනවා.

විශ්‍රාම වැටුපට කිසිදු බලපෑමන් නොවන පරිදි එම ක්‍රමවේදය ක්‍රියාවට නංවන බවයි ඇන්තනී ඇල්බනීස් රජය පවසන්නේ.

මේ අනුව වයස අවුරුදු 66 ට වැඩි විශ්‍රාමිකයන්ට මාස 06 ක කාලයක් අමතර පැය ගණනක් සේවය කිරීමට ප්‍රතිපාදන හිමිවනු ඇති.

දැනට පවතින නීතියට අනුව විශ්‍රාමිකයෙකුට අමතර රැකියාවක නිරතවීමෙන් සති 02 කට උපයාගත හැකි උපරිම මුදල ඩොලර් 490 ක් වන අතර ඊට වඩා උපයන සෑම ඩොලරයක් සඳහාම සත 50 ක් බැගින් අඩුවනවා.

යෝජිත නව යෝජනාව ලබන මාසයේ කැන්බරා හිදී පැවැත්වෙන Jobs & Skills සමුලුවේදී විවාද කර සම්මත කර ගැනීමට නියමිතයි.

ෆෙඩරල් මුදල් ඇමති ජිම් චාමර්ස් පවසන්නේ විරැකියා අනුපාතය සියයට 3.5 ම පවත්වාගෙන යාම එහි අරමුණ වන බවයි.

ලිබරල් සන්ධානයද මේ සඳහා එකග බව විපක්ෂ නායක පීටර් ඩට්න් පවසා තිබුණා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »