Woolworths ප්ලාස්ටික් බෑග් ඉවත්කිරීම ඇරඹේ

ඔස්ටේ්‍රලියාවේ ප්‍රධානතම සුපිරි වෙළඳසැල් ජාලයක් වන වූල්වර්ත්ස් විසින් ප්ලාස්ටික් බෑග භාවිතයෙන් ඉවත් කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සත 15 ක වටිනාකමින් යුත් බෑග් මෙලෙස අලෙවිය නතර කිරීම ආරම්භ කර ඇති අතර දකුණු ඔස්ටේ‍රලියා සහ northern territory යන ප්‍රාන්තවලයි පළමුවෙන් එය ක්‍රියාත්මක වන්නේ.

ලබන වසරේ ජූනි මාසය වනවිට සමස්ත ඔස්ටේ‍රලියාවෙන්ම එම බෑග් භාවිතයෙන් ඉවත් කිරීමයි වූල්ස්වර්ත් හි සැලසුම වී ඇත්තේ.

මේ වනවිටත් තම වෙළඳසැල්වලින් 10 න් 08 කම පමණ නැවත භාවිත (reusable) බෑග් අලෙවිය සිදුකෙරෙන බවද වූල්ස්වර්ත් සඳහන් කලා.

වසරකදී භාවිතයට ගැනෙන ප්ලාස්ටික් බෑග් ටොන් 1000 ක් පමණ භාවිතයෙන් ඉවත් කිරීමේ අරමුණ ඇතිවයි ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ.

මේ අතර තවත් සුපිරි වෙළඳසැල් ජාලයක් වන Big W විසින්ද මෙවැනිම ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ වැඩිපුර මුදල් වැය කරන්නේ මොනාට ද?

ඔස්ට්‍රේලියානුවන් වැඩිපුර මුදල් වැයකරන අංශ හදුනාගෙන තිබෙනවා. ඒ අනුව සුපිරි වෙළඳසැල්, බලශක්ති සපයන්නන් සහ ගුවන් සමාගම්  විශාල ලාභයක් ඉපැයිමේ අරමුණින් ජනතාව වෙත අදික පිරිවැයක් පවරන බවටයි  ආර්ථික විශේෂඥයින් චෝදනා කරන්නේ. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ඇලන් ෆෙල්ස් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානුවන් මෙම අංශ ත්‍රිත්වය සදහා බොහෝ විට අධික මිල ගණන් ගෙවන බවයි. ජනතාවට උද්ධමනයේ බලපෑම ඉහළ වන අතර පාරිභෝගිකයින් අඛණ්ඩව එම අංශ සදහා අධික ලෙස මිල ගණන් ගෙවනු ඇති බව සදහන්. ෆෙල්ස් ප්‍රකාශ කළේ මේ

Read More »

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »