ඔස්ටේ්‍රලියාවේ ඉහළම වැටුප් ලැබිය හැකි රැකියා

ඔස්ටේ්‍රලියාවේ ඉහළම වැටුප් ලැබිය හැකි රැකියාවන් පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත්කෙරුණා.

ඒ අනුව ශල්‍ය වෛද්‍යවරුන් එම ලැයිස්තුවේ ඉහළින්ම පසුවන අතර ඔවුන්ගේ වාර්ෂික ආදායම ඩොලර් 406,068 ක් පමණ වනවා.

මුල් ස්ථාන 03 ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වන අතර 04 වන ස්ථානය මුදල් තැරැව්කරුවන් විසින් හිමිකරගෙන තිබෙනවා.

මෙවර ලැයිස්තුවේ මුල් ස්ථාන 10 ට ඇතුළත් වන්නේ සෞඛ්‍ය – මූල්‍ය – පතල් – ඉංජිනේරු සහ නීති යන ක්ෂේත්‍ර නියෝජනය කරන රැකියා බවයි ඔස්ටේ්‍රලියානු බදු කාර්යාල වාර්තා පෙන්වා දෙන්නේ.

2019-2020 බදු වර්ෂයට අනුව ඔස්ටේ්‍රලියානුවෙකු වසරකට උපයන බදුවලට යටත් ආදායම ඩොලර් 63,882 ක්.

financial dealer ($279,790),
psychiatrist ($252,691),
other medical practitioners ($232,903),
judicial or legal professionals ($189,538),
mining engineer ($188,083),
engineering manager ($161,514)
financial investment adviser or manager ($155,882)

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »