Fake Reviews නිසා මෙල්බන් ව්‍යාපාර කොට උඩ

ව්‍යාජ හෙවත් fake reviews හේතුවෙන් මෙල්බන් නගරයේ ව්‍යාපාරික ස්ථාන රැසක් පවත්වාගෙන යාමේ ගැටලු හටගෙන තිබෙනවා.

මේ වනවිට තම වෙළඳසැල් සඳහා පාරිභෝගිකයන් පැමිණීම මුලුමනින්ම ඇණහිට ඇති බවයි ව්‍යාපාර හිමියන් පෙන්වා දෙන්නේ.

කොවිඩ් හමුවේ අඩාල වු ව්‍යාපාර කටයුතු නැවත යථා තත්වයට පත්කර ගැනීම සඳහා මෙය අහිතකර තත්වයක් බවද ඔවුන් සඳහන් කරනවා.

කුමන කණ්ඩායමක් කුමන හේතුවක් මත මෙලෙස fake reviews සිදුකරන්නේද යන්න මේ දක්වා තහවුරු කරගෙන නැහැ.

පසුගිය මාසයේදීත් ගූගල් ආයතනය විසින් ව්‍යාජ reviews මිලියන 95 කට වැඩි ප්‍රමාණයක් සිය සමාජ ජාල තුළින් ඉවත් කරනු ලැබුවා.

 

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »

ඔලිව් තෙල් හැන්දකින් පාලනය කර ගත හැකි රෝග මෙන්න

හාවඩ් විද්‍යාඥයින් විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව දිනපතා ඔලිව් තෙල් හැන්දක ප්‍රමාණයක් භාවිත කිරීමෙන් ඩිමෙන්ශියා රෝගයෙන් මිය යාමේ අවදානම අඩු කල හැකි බව සොයාගෙන තිබෙනවා.

Read More »

ලොව දිගම Baguette එක ප්‍රංශ බේකරි කණ්ඩායමක් නිපදවයි

ප්‍රංශ බේකරිකරුවන් පිරිසක් පැරිසියේ තදාසන්න ප්‍රදේශයක්වන සුරේස්නස් හි ලෝකයේ දිගම බෑගට් එකක් මීටර් 140.5 (අඩි 461) හදලා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවලා තිබෙනවා.

Read More »