ආර්ථික වර්ධනය සෘණ 7 ට බහී ?

2022 දී ආර්ථික වර්ධනය ඉතිහාසයේ ප්‍රථම වරට සෘණ සියයට 7ක් දක්වා පසුබෑමට ලක්වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

දැනටමත් මේ වසරේ (2022) පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට සෘණ 1.6 ක් වාර්තා කර ඇත.

මේ වසරේ දෙවන කාර්තුවේ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා මූලික වශයෙන් විදුලිය හා බලශක්ති හිඟය හේතුවෙන් සැපයුම් අංශයේ අඛණ්ඩ බාධාවීම් මගින් දැඩි ලෙස බලපෑම් ඇති කරනු ලැබ ඇතැයි අපේක්‍ෂා කරන බව මහබැංකුව පවසයි.

එසේම දේශීයව පවතින අහිතකර ප්‍රවණතා මධ්‍යයේ ගෝලීය වෙළෙඳ භාණ්ඩ වෙළෙඳපොළ සහ

සැපයුම්දාමයන්ට බලපා ඇති නැගෙනහිර යුරෝපයේ භූ දේශපාලනික අර්බුද නුදුරු කාලීනව දේශීය ආර්ථික වර්ධනය කෙරෙහි තවදුරටත් අවදානම් ඇති කළ හැකි බවද මහබැංකුව තවදුරටත් කියයි.

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »