සිඩ්නි ගුවන් තොටුපළේ ක්වන්ටාස් ගුවන් යානයකින් ගිනිදැල් සහ දුමාරයක්

සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නතර කර තිබූ ක්වන්ටාස් ගුවන් යානයකිනි ගිනිදැල් සහ දුමාරයක් පිටවිම හමුවේ එම ගුවන් ගමන ප්‍රමාද කර තිබෙනවා.

QF91 ගුවන් යානය Noumea, New Caledonia දක්වා ගුවන් ගතවිමට නියමිතව තිබුණේ අද පෙරවරු 07.40 ටයි.

එය ගුවන් ගතවීමට ටික වේලාවකට පෙර මෙම සිදුවිම වාර්තා වී තිබෙනවා.

මෙහිදී කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ ගුවන් යානයේ සිටි මගීන් 174 දෙනා වෙනත් ගුවන් යානයකින් පිටත්කර යවා තිබෙනවා.

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »