වික්ටෝරියා විපක්ෂ නායක දැඩි ස්ථාවරයක

ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි දසතින් එල්ලවන බලපෑම්වලට තමා ඇහුම්කන් නොදෙන බව වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක මැතිව් ගයි පවසනවා.

තමාගේ කිසිදු වරදක් නොමැති බවයි ඔහු අවධාරණය කරන්නේ.

ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විසින් සිය පුද්ගලික සමාගමකට ඩොලර් ලක්ෂයක මුදලක් ඉල්ලා සිටි බවට රහසිගත වාර්තාවක් මේ වනවිට පළ වී තිබෙනවා.

ඒ අනුවයි මැතිව් ගයි ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා මේ වනවිට ඉල්ලා අස්වී ඇත්තේ.

එහෙත් මෙම සිදුවීමට අදාළව මැතිව් ගයි ගේ ක්‍රියාකලාපයද විමර්ශනය කල යුතු බවයි වික්ටෝරියා පාලක රජය අවධාරණය කරන්නේ.

එලෙස විමර්ශනයක් පවත්වන ලෙස ප්‍රාන්ත පොලිසිය – මැතිවරණ බළධාරීන් ඇතුලූ පාර්ශව කිහිපයකින් ඉල්ලා සිටීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

කෙසේවතත් අදාළ ගිවිසුම කිසිදු ආකාරයකින් අත්සන් කර නොතිබූ බවයි වික්ටෝරියා විපක්ෂ නායක මැතිව් ගයි සඳහන් කර තිබුණේ.

එබැවින් තමාට එල්ල වන චෝදනා බැහැර කරන බවත් ඔහු සඳහන් කර සිටිනවා.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »