ධනීෂ් අලී දින 14කට හිර ගෙට

බන්ධනාගාරය තුළදී ජංගම දුරකථනයක් භාවිතා කිරීමේ වරදට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධනීෂ් අලී ට දින 14ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

2022.07.27 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂණ භාරයට පත් කරන ලද ධනීෂ් අලී නැමති සැකකරු නව මැගසින් බන්ධනාගාරයේ රක්ෂණ භාරයේ සිටියදී

බන්ධනාගාර නීති රීති වලට අනුව නීති විරෝධී තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකථනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අද (04) දින බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සැකකරු එම චෝදනාව කොළඹ අති‍‍රේක දිසා විනිසුරුතුමා ඉදිරියේ වරද පිලිගැනීමෙන් පසුව වරදකරු බවට පත් වී

දින 14 ක සිර දඩුවම් ලබා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් (පාලන,පුනරුත්ථාපන,මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක ප්‍රකාශ කළේ.

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »