ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන බැංකු 04 ම ණය පොළී අනුපාත ඉහළ දමයි

ෆෙඩරල් සංචිත බැංකුව විසින් පසුගිය අගහරුවාදා දිනයේදී පොළී අනුපාත ඉහළ දැමීමට සමගාමීව සිය ණය පොළී අනුපාතද ඉහළ දැමීමට ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන බැංකු 04 ම තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිවාස ණය – උකස් ඇතුලු සියලු දෑ සඳහා සියයට 0.5 කින් පොළී අනුපාත ඉහළ දමන බවයි ඔවුන් අද නිවේදනය කලේ.

මීට සමගාමීව ඇතැම් ඉතුරුම් ක්‍රම සඳහා ලබාදෙන පොළී අනුපාතද වැඩි කෙරෙනු ඇති.

කොමන්වෙල්ත් බැංකුව සහ ANZ හා NAB විසින් ලබන 12 වනදා සිටද / Westpac  විසින් ලබන 18 වනදා සිටද මෙම පොළී ඉහළ දැමීම සිදුකරනු ඇති.

Details :

https://www.9news.com.au/national/australia-interest-rates-big-four-banks-cash-rate-hike-mortgage-cba-anz-nab-westpac/ef01e1d3-01c8-4e7a-aebc-163c3b4573a1

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »