මෙල්බන් ක්‍රවුන් කැසිනෝ යනවානම් අලුත්ම නීති මෙන්න

මෙල්බන් ක්‍රවුන් කැසිනෝ මධ්‍යස්ථානයේ ක්‍රීඩා කිරීම සඳහා පැමිණීමේදී නව නියමයන් කිහිපයක් පණවා තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට සෑම ඔස්ටේ්‍රලියානුවෙකුම තමන් පරාජයට පත්වීමට සූදානම් උපරිම මුදල දැනුම්දිය යුතුයි.

ක්‍රවුන් කැසිනෝ තුළ මුදල් අයථා භාවිත ඉහළව සිදුවන බවට පසුගියදා රාජකීය කොමිසමක් විසින් නිකුත් කල වාර්තාවක සඳහන්.

එහි අඩංගු නිර්දේශ අතර එක් නිර්දේශයකුයි මෙලෙස ක්‍රියාත්මක වන්නේ.

පැය 24 ක් තුළ සිදුකල හැකි උපරිම ගණුදෙනුවේ ප්‍රමාණය ඩොලර් 1000 ක් විය යුතු වනවා.

මේ අනුව ඔස්ටේ්‍රලියාව තුළ සූදු ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම නීති බලාත්මක ස්ථානය බවට මෙල්බන් ක්‍රවුන් කැසිනෝ පත්වනවා.

 

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »