ඔස්ටේ්‍රලියාවේ පොළී අනුපාතවලට අද වෙන්න යන දේ

ඔස්ටේ්‍රලියාව තුළ පොළී අනුපාත අඛණ්ඩව 04 වන වරටත් අද නැවතත් ඉහළ දැමෙනු ඇති බවට වාර්තා පළවනවා.

ඒ අනුව cash rate අගය තවත් සියයට 0.5 කින් වැඩි කෙරෙනු ඇති බව සඳහන්.

එනම් එම අගය සියයට 1.85 දක්වා ඉහළ යාමට නියමිතයි.

දැනට ඩොලර් 750,000 ක උකසක් ගෙවන අයෙකුට මේ යටතේ මාසික වාරිකය ඩොලර් 211 කින් පමණ ඉහළයනු ඇති.

වසර 06 කට පමණ පසු ඉහළම cash rate අගය ලෙසද මෙය සටහන් වීමට නියමිතයි.

ඔස්ටේ්‍රලියාව තුළ උද්ධමනය ඉහළයාම පාලනය කිරීමේ අරමුණ ඇතිවයි ෆෙඩරල් සංචිත බැංකුව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන පිරිස ඉහළට

ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »