ලංකාවට හරි පාරෙන් සල්ලි එව්වොත් තවත් වාසි 02 ක්

විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රේෂණ නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා ගෙන්වා ගැනීම දිරිමත් කිරීම සදහා ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ යෝජනා දෙකක් සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ අනුව නීත්‍යානුකූලව එවා ඇති මුදල් ප්‍රමාණය මත පදනම්ව, නව තීරු බදු රහිත දීමනාවක් හදුන්වාදීම එක් යෝජනාවක් වනවා.

විදේශගත ශ්‍රමිකයින් සහ ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලව මෙරටට එවා ඇති මුදල් ප්‍රමාණයෙන් සියයට 50 කට සමාන වටිනාකමකින් විදුලි වාහනයක් ආනයනය කිරීම සදහා බලපත්‍රයක් හදුන්වාදීමේ ක්‍රමවේදයට ද අනුමැතිය හිමි වී තිබෙනවා.

මේ අතර ගුවන් තොටුපලේදී ඇමරිකානු ඩොලර් වලින් ගෙවීමට කැමති සංචාරකයින්ට, සංක්‍රමණික සේවකයින්ට සහ ද්විත්ව පුරවැසියන්ට

ඉන්ධන බලපත්‍රයක් ලබා දීමේ යෝජනාවකට බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර එකග වූ බවද විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළා.

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »