ගෝඨා ලංකාවට එනවාද ? රනිල්ගෙන් අනාවරණයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙම අවස්ථාවේදී ඔහු යළි දිවයිනට පැමිණීම, ආර්ථික අ‍ර්බුදය හේතුකරගනිමින් තමන් නෙරපා හැරීමට පෙළ ගැසී සිටින විරෝධතාකරුවන් අතර යළි නැගිටීමක් සිදුවිය හැකි බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සම්මුඛ සාකච්ජාවේදී කියා ඇත්තේ.

දැඩි මහජන විරෝධතා මධ්‍යයේ, ගුවන් හමුදා යානයකින් මාලදිවයිනට ගොස් අනතුරුව සිංගප්පූරුව බලා යාමෙන් පසුව එහි සිට සිංගප්පුරුව බලා යාමෙන් පසු පසුගිය ජූලි 13 වැනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස් වීම නිවේදනය කළා.

මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය පත්ලට වැටී ඇති බවත් උමගේ ඈත කෙළවරක ආලෝකයක් තමන්ට පෙනෙන බැවින් ඉතා ඉක්මනින් එයට ලඟා විය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා ඇත්තේ.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව අගෝස්තු අග වන විට එළැඹීමට හැකි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද මෙහිදී ජනාධිපතිවරයා කියා තිබෙනවා.

ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාව පසුකරමින් ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියාසිටියේ රට තුළ දේශපාලන ස්ථාවර භාවයක් ඇති කිරීම හරහා අර්බුදයේ හැරවුම් ලක්ෂයක් අපේක්ෂා කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇණහිට ඇති එකගතා සාකච්ඡා යළි සක්‍රීය කර අවසන් එකගතාවයක් ඇති කර ගැනීමට ඉන් ඉඩකඩ විවර වනු ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කලා.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »