ජනමත විචාරණය ගැන ෆෙඩරල් විපක්ෂය දෙගිඩියාවෙන්

ස්වදේශික ජනතා අයිතිවාසිකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාව පිළිබඳ සවිස්තර තොරතුරු ඉදිරිපත් කරන ලෙස ෆෙඩරල් විපක්ෂය රජයෙන් ඉල්ලීමක් කරනවා.

නැෂනල් පක්ෂයේ නායක මෙන්ම ඡායා කැබිනෙට්ටුවේ කෘෂි අමාත්‍ය ඩේවිඩ් ලිට්ල්ප්‍රවුඩ් පවසන්නේ අදාළ යෝජනාව හොඳ වුවද ප්‍රමාණවත් විස්තර නොමැති බවයි.

ස්වදේශික ජනතාවගේ හඩ ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීම සඳහා ව්‍යවස්ථාවට නව වගන්ති 03 ක් ඇතුළත් කර සංශෝධනයක් සිදුකරන බව අගමැති ඇන්තනී ඇල්බනීස් ඊයේ කියාසිටියා.

අගමැතිවරයා පැවසුවේ ඒ සඳහා ජනමත විචාරණයක්ද පවත්වන බවයි.

අදාළ වගන්ති 03 පහත පරිදියි :

  1. There shall be a body, to be called the Aboriginal and Torres Strait Islander Voice.
  2. The Aboriginal and Torres Strait Islander Voice make representations to Parliament and the Executive Government on matters relating to Aboriginal and Torres Strait Islander Peoples.
  3. The Parliament shall, subject to this Constitution, have power to make laws with respect to the composition, functions, powers and procedures of the Aboriginal and Torres Strait Islander Voice.

ඔස්ටේ්‍රලියානු නීතියට අනුව ජනමත විචාරණයක් සම්මත වීමට නම් රටේ බහුතර ජනතාවක් එය අනුමත කල යුතු අතර බහුතර ප්‍රාන්ත සංඛ්‍යාවක්ද ඊට අනුමැතිය දිය යුතුයි.

මෙතෙක් මෙරට ඉතිහාසයේ ජනමත විචාරණ 44 ක් පවත්වා ඇති අතර ඉන් සම්මත වී ඇත්තේ 08 ක් පමණයි.

අවසන්වරට සම්මත වූ ජනමත විචාරණය 1977 දී පවත්වා තිබුණා.

1999 වසරෙන් පසු මේ දක්වා කිසිදු ජනමත විචාරණයක් පවත්වා නොමැතිවීමද විශේෂත්වයක්.

ඔස්ටේ්‍රලියාව ජනරජයක් බවට පත්විය යුතුද යන්න එහිදි විමසා තිබූ අතර ඊට බහුතර ඔස්ටේ්‍රලියානුවන් අකමැත්ත පළකර තිබුණා.

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »