අරගලකරුවන් ජනපති මැදුරෙන් සොයාගත් රු මිලියන 17 පොලිසියේදි අතුරුදන් ???

පසුගිය ජූලි 09 වන දින අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරයට කඩා වැදුණු අවස්ථාවේදී සොයාගත් රුපියල් එක් කෝටි 78 ලක්ෂයක මුදල පොලිසිය විසින් මෙතෙක් අධිකරණයට භාරදී නොමැති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද අනාවරණය වුණා.

එම මුදල වහාම භාරදෙන ලෙසයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියම කලේ.

ජනාධිපති මන්දිරයේ තිබී හමුවූ එම මුදල අධිකරණයට භාරදෙන බවයි අදාළ සිදුවීම සිදුවූ දිනයට පසුදින එනම් ජූලි 10 වනදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කලේ.

ඒ අනුව සති 03 කට ආසන්න කාලයක් ගතවී ඇතත් එම මුදල අධිකරණයට භාරදුන් බවට මෙතෙක් කිසිදු ලිඛිත වාර්තාවක් ලැබී නොමැති බව අද අධිකරණයේදී සඳහන් කලා.

මෙම මුදලට සිදුවූයේ කුමක්ද පිළිබඳ ලබන 05 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසත් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට අද නියම කලා.

මේ අතර අදාළ මුදල් ගණන් කල බව පැවසෙන පුද්ගලයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිසිය විසින් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඔවුන් රුපියල් ලක්ෂ 05 බැගින් වන පුද්ගල ඇප මත මුදා හැරීමටයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියම කලේ.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »