ගොඩගැසුණු වීසා අයදුම්පත් ලක්ෂ 10 ක් ගැන අලුත් ආරංචියක්

ගොඩගැසී ඇති වීසා අයදුම්පත් කඩිනමින් සලකා බැලීම මධ්‍යම රජය විසින් ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා වැඩි කාර්ය මණ්ඩලයක් යොදවන ලෙස ආගමන, පුරවැසිභාවය සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් විසින් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු වීසා අයදුම්පත් ලක්ෂ 10 ක් පමණ සලකා බැලීම සඳහා ගොඩ ගැසී ඇති බව සඳහන්.

ශිෂ්‍ය – සංචාරක සහ පුහුණු නිපුණතා වීසා සඳහා යොමු කරන ලද අයදුම්පත් සලකා බැලීමට ප්‍රමුඛත්වය දිමටයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.

පසුගිය මස මුල සිට මෙරටින් බැහැරදී යොමු කරනු ලැබූ අයදුම්පත් 645,000 ක් ඇතුළුව වීසා අයදුම්පත් 745,000 ක් සලකා බලා මේ වනවිටත් අවසන් කර තිබෙනවා.

සංචාරක වීසා 388,000 ක්, ශිෂ්‍ය වීසා 62,000 ක් සහ තාවකාලික පුහුණු වීසා 9,550 ක් ද ඊට ඇතුළත්.

වැඩි පිරිසකට ඔස්ටේ්‍රලියාවට පැමිණ මෙරට ආර්ථික වර්ධනයට දායක විය හැකි අතර ශ්‍රම හිගය පිරවීමට සහාය විය හැකි බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

කෙසේ නමුත් ගොඩගැසුණු අයදුම්පත් සලකා බලා සැලකිය යුතු ලෙස අඩු කිරීම එක රැයකින් සිදු කළ නොහැකි බවද ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් අවධාරණය කරනවා.

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »