පාස්පෝට් ගන්න හදිසි අයට WhatsApp අංකයක්

ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඉතා හදිසි අවශ්‍යතා සඳහා විදෙස්ගත වන අයදුම්කරුවන්ට විශේෂ එක් දින සේවාවක් ආරම්භ කර තිබෙනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කලේ එම හදිසි අවශ්‍යතාවය සනාථ කෙරෙන ලියකියවිලි යොමු කිරීම සඳහා 0706 311 711 යන වට්ස්ඇප් අංකය හඳුන්වාදී ඇති බවයි.

එම අයඳුම්කරුවන් වෙත අයදුම්පත් භාරදීම සඳහා කඩිනමින් දිනයක් ලබාදීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

මේ වනවිට රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමේ පියවරක් ලෙස අද සිට විදෙස් ගමන්

බලපත්‍ර නිකුත් කිරීම සිදුකරනු ලබන්නේ කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගත් අයදුම්කරුවන් සඳහා පමණක් බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »