මාස 02 කදී ගුවන් ටිකට් ගාස්තු සියයට 14 කින් ඉහළට

පසුගිය මැයි මාසය හා සැසඳීමේදී මෙම මාසයේ ගුවන් ටිකට්පත් ගාස්තු සියයට 14 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කෙටි ගමනාන්තයක් වෙත සිදුකර ආපසු පැමිණෙන ගුවන් ගමනක් සඳහා සාමාන්‍ය ගාස්තුව ලෙස දක්වා ඇත්තේ ඩොලර් 1761 ක මුදලක්.

මෙම කාලයේදී වැඩිම ප්‍රතිශතයකින් ගාස්තු ඉහළ ගොස් ඇත්තේ සිඩ්නි සිට ඩෙන්මාර්කයේ කෝපන්හේගන් දක්වා වන ගුවන් ගමනයි.

ප්‍රතිශතයක් ලෙස එහි ගාස්තු වැඩිවීම සියයට 47 ක්.

පර්ත් සිට ජොහැන්නස්බර්ග් දක්වා සියයට 44 කින්ද / මෙල්බන් සිට හවායි දක්වා සියයට 32 කින්ද ගුවන් ටිකට් ගාස්තු වැඩිවී තිබෙනවා.

මෙල්බන් – බාලි ගුවන් ගමනක් සඳහා මේ වනවිට ඩොලර් 850 ක් ගෙවීමට සිදුවන අතර එහි ගාස්තු වැඩිවීම සියයට 33 ක්.

කෙසේවෙතත් ඔක්තෝබර් – නොවැම්බර් වනවිට නැවතත් ගුවන් ටිකට් ගාස්තු යම්තාක් දුරකට අඩුවනු ඇති බවද සඳහන්.

ඔලිව් තෙල් හැන්දකින් පාලනය කර ගත හැකි රෝග මෙන්න

හාවඩ් විද්‍යාඥයින් විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව දිනපතා ඔලිව් තෙල් හැන්දක ප්‍රමාණයක් භාවිත කිරීමෙන් ඩිමෙන්ශියා රෝගයෙන් මිය යාමේ අවදානම අඩු කල හැකි බව සොයාගෙන තිබෙනවා.

Read More »

ලොව දිගම Baguette එක ප්‍රංශ බේකරි කණ්ඩායමක් නිපදවයි

ප්‍රංශ බේකරිකරුවන් පිරිසක් පැරිසියේ තදාසන්න ප්‍රදේශයක්වන සුරේස්නස් හි ලෝකයේ දිගම බෑගට් එකක් මීටර් 140.5 (අඩි 461) හදලා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවලා තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »