හෙටින් ඇරඹෙන පාර්ලිමේන්තු සතියට මොරිසන් නෑ

ෆෙඩරල් මැතිවරණයෙන් පසු පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු සතියට හිටපු අගමැති ස්කොට් මොරිසන් සහභාගී නොවන බව අනාවරණ වනවා.

ඒ ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන සමුලුවක් සඳහා සහභාගීවීමට ඔහුට අවස්ථාව ලැබී තිබීමයි.

කැනඩාව – බ්‍රිතාන්‍යය සහ නවසීලන්තයේ හිටපු අගමැතිවරුන්ද මේ සඳහා සහභාගී වනවා.

මෙම ආරාධනය දීර්ඝ කලකට පෙර ලැබුණු එකක් බවය හිටපු අගමැතිවරයා පවසා ඇත්තේ.

මේ අතර පාර්ලිමේන්තු සතියට පෙර සම්ප්‍රදායිකව පවත්වන ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම අද පෙරවරුවේ අගමැති ඇන්තනී ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණා.

මිනිස් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් 5ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ලැට්වියාවේ දේශසීමා හරහා පුද්ගලයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

මෙම වසරේ ගත වූ කාලය තුළ ලක්ෂ 8ක් ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

Read More »