ඔන්ලයින් වංචාවලට හසුවන ඔස්ටේ්‍රලියානුවන් ඉහළට

Scam ඝනයට අයත්වන වවිධ වංචා නිසා මෙම වසරේ මුල් මාස 06 තුළදී ඔස්ටේ්‍රලියානුවන් විසින් අහිමිකරගෙන ඇති මුදල ඩොලර් මිලියන 300 කට ආසන්න බව අනාවරණ වී තිබෙනවා.

එය පසුගිය වසරේ අදාළ කාලය තුළ වාර්තා වූ ඩොලර් මිලියන 139 හා සැසඳීමේදී දෙගුණයක පමණ ඉහළ යාමක් වනවා.

පසුගිය වසර පුරා විවිධ ඔන්ලයින් වංචාවලට හසුවීමෙන් ඔස්ටේ්‍රලියානුවන් අහිමි කරගෙන තිබූ සමස්ත මුදල ඩොලර් මිලියන 323 ක්.

මෙම වසරේ ජනවාරි – ජූනි දක්වා කාලයප තුළදී Scam ඝනයට අයත්වන විවිධ වංචා 100,000 ක් පමණ වාර්තා වී තිබුණා.

ඉන් බහුතරය විවිධ ආයෝජන සඳහා මුදල් යොදවන ලෙස ඉල්ලමින් පළකර තිබූ ව්‍යාජ දැන්වීම්වලට රැවටීම් බව සඳහන්.

වයස් කාණ්ඩයක් ලෙස සැළකීමේදී වැඩිම වංචාවන්ට හසුවී ඇත්තේ වයස අවුරුදු 65 ට වැඩි අයයි.

 

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »