වික්ටෝරියා හෙද සිසුන්ට සුභ පණිවිඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් සඳහා හෙද සිසුන් දහස් සංඛ්‍යාත පිරිසක් අනුයුක්ත කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

මෙල්බන් නගරයේ මෙන්ම regional ප්‍රදේශවල රෝහල් සඳහා ඔවුන් යෙදවීමට නියමිත බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ.

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාම හමුවේ රෝහල් පද්ධති ධාරිතාව උපරිමයට ලගාවෙමින් පැවතීම හමුවේ මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අනුව හෙද පාඨමාලා හදාරන දෙවන සහ 03 වන වසරේ සිසුන් showering, feeding – transferring patients යන කාර්යයන් සඳහා අනුයුක්ත කෙරෙනු ඇති.

3000 කට ආසන්න පිරිසක් මෙලෙස යෙදවීමට නියමිත බවයි ඩැනියල් ඇන්ඩෲස් පවසා සිටියේ.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »