සිඩ්නි නිවසක ගින්නකින් 10 හැවිරිදි දරුවෙකු ඇතුලු 03 දෙනෙකු මරුට

සිඩ්නි නිරිත දිග ප්‍රදේශයේ Hinchinbrook හි නිවසක අද අලුයම හටගත් ගින්නකින් 10 හැවිරිදි දරුවෙකු ඇතුලු 03 දෙනෙකු මියගොස් තිබෙනවා.

ගින්න නිවීම සඳහා පැමිණි ගිනි නිවිම් භටයන් දෙදෙනෙකු ඇතුලු 05 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද අලුයම 05.40 ට පමණ හටගත් ගින්න පාලනය සඳහා ගිනි නිවීම් රථ 10 ක් පමණ පැමිණ තිබුණා.

මියගොස් ඇති අනෙක් දෙදෙනා වන්නේ 40 හැවිරිදි සහ 60 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකුයි.

නිවසේ සිටි 06 දෙනා අතුරින් 40 හැවිරිදි පිරිමි අයෙකු – 30 හැවිරිදි කාන්තාවක සහ 40 හැවිරිදි කාන්තාවක දිවි ගලවාගෙන තිබෙනවා.

මෙය ස්වභාවික ගින්නක්ද කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න තවමත් අනාවරණ වී නැහැ.

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »