SJB හයකට ඇමතිකම් ?

ඉදිරි දෙසතියක කාලය ඇතුළත සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

ඒ අනුව කැබිනට් ඇමතිවරු තිහක් සහ රාජ්‍ය ඇමතිවරුන් තිස් දෙනකු පත් කිරීමට සැලසුම් කර ඇත.

එම සර්වපාක්ෂික ආණ්ඩුව බිහි කිරීම සඳහා වූ සාකච්ඡා දේශපාලන පක්ෂ සමග මෙන්ම අරගලකරුවන් සමගම සිදු කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇත.

පත් කරන ලද ඇමතිවරු 18 දෙනාට අමතරව තවත් අමාත්‍යවරුන් දොළොස් දෙනකු ඒ අනුව පත් වනු ඇති අතර සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් පිරිසකටද ඇමතිකම් හිමිවීමට නියමිත බව වාර්තා වෙයි.

මුදල් අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා යටතේ ම තබා ගැනීමට තීරණය වී ඇත.

සිඩ්නි ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට යන යානයකට දිව ගොස් නගින්න හැදූ පුද්ගලයා අත්අඩංගුවේ

සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂක නියෝග නොතකමින් ගුවන් ධාවන පථය ආසන්නයට දිවගොස් යානයකට නැගීමට උත්සාහ කළ 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »