ඔස්ටේ්‍රලියාවට එන ගුවන් මගීන්ට අද හෙටම තවත් නීතියක්

ගව මුඛ සහ කුර රෝගයේ අවධානම හමුවේ ඉන්දුනීසියාවෙන් ගුවන් මගීන් පැමිණීම අත්හිටුවීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය අගමැති රිචර්ඩ් මාල්ස් පවසනවා.

ඔස්ටේ්‍රලියාවේ ජෛව ආරක්ෂණ වැඩපිළිවෙල ඉහළම මට්ටමක පවතින බැවින් අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැතැයි ඔහු අවධාරණය කලා.

මෙල්බන් සහ ඇඩිලේඩ් ගුවන් තොටුපළ වෙත ඉන්දුනීසියාවෙන් පැමිණි මස් පාර්සල් 02 කින් ගව මුඛ සහ කුර වෛරස් කොටස් හමුවීම හමුවේ එරටින් ගුවන් මගීන් පැමිණිම නතර කල යුතු බවට ඉදිරිපත්ව ඇති ඉල්ලීම් සැළකිල්ලට ගනිමිනුයි නියෝජ්‍ය අගමැතිවරයා මේ බව සඳහන් කලේ.

මේ අතර ඔස්ටේ්‍රලියානු ජාතික ගොවි සම්මේලනය ඉල්ලා සිටින්නේ ඉන්දුනීසියාව පමණක් නොව සෑම රටකින්ම පැමිණෙන ගුවන් මගීන් දැඩිව පරීක්ෂාවට ලක්කල යුතු බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මරේ වොට් සඳහන් කලේ ගුවන් යානයෙන් පිටතට පැමිණෙන සියලු මගීන් දැඩිව පරීක්ෂා කෙරෙන නව රෙගුලාසි මාලාවක් කඩිනමින් හඳුන්වා දෙන බවයි.

ඒ යටතේ පාවහන් හා සපත්තු විශබීජහරණය සඳහා නව රෙගුලාසි පැණවෙනු ඇති.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »