ට්‍රක් රියදුරන් 100 ක් මෙල්බන් Westgate freeway හි විරෝධතාවයක

ඉන්ධන මිළ ඉහළයාමට විරෝධය පළකරමින් ට්‍රක් රථ රියදුරන් 100 කට ආසන්න පිරිසක් මෙල්බන් නගරයේ මේ වනවිට විරෝධතාවයක නිරත වනවා.

ඔවුන් Westgate freeway හි පැයට කිලෝමීටර් 15 ක් වැනි මන්දගාමී වේගයකින් රථ ධාවනය කරමින් සිටින අතර එහි දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී තිබෙනවා.

මෙම රථ පෙළපාලිය වික්ටෝරියා පාර්ලිමේන්තුව අසළට පැමිණ විරෝධතාවය අවසන් කිරීමට නියමිතයි.

තමන්ගේ ආදායමෙන් සියයට 50 – 60 ත් අතර ප්‍රමාණයක් ඉන්ධන වියදම් සඳහා වැයවන බවද ප්‍රාන්ත රජයෙන් හෝ ෆෙඩරල් රජයෙන් කිසිදු සහයක් නොලැබෙන බවටද ඔවුන් චෝදනා කර සිටිනවා.

මේ අතර මෙල්බන් නගරයේ තවත් ට්‍රක් රථ රියදුරන් පිරිසක් වැඩ වර්ජනයකද නිරත වනවා.

 

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »