ගෝඨාභයට සිංගප්පූරුවෙන් යන්න වෙයි? නඩුත් පැවරෙන ළකුණු

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර දී ඇත්තේ දින 15 කට පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගෝඨාභය රාජපක්ෂට දින 15 ට වඩා සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර ලබා දිය නොහැකි බව සිංගප්පූරු බලධාරීන් දැනුම් දී ඇතැයි ඉන්දියා ටුඩේ පුවත් සේවය වාර්තා කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දින 15 අවසානයේ සිංගප්පූරුවෙන් පිටව යාමට සිදුවන බව එම  වාර්තා තහවුරු කර ඇත.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂට එළඹෙන 29 වෙනි දින සිංගප්පූරුවෙන් පිටව යාමට සිදුවෙයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට  විරුද්ධව නඩු පැවරීමට ඉඩ ඇතැයි ඉන්දියා ටුඩේ පුවත් සේවය ප්‍රකාශ කළේය.

https://www.indiatoday.in/world/sri-lanka-crisis/video/singapore-asks-ex-sri-lankan-president-gotabaya-rajapaksa-to-leave-1976841-2022-07-18

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »