“ජාත්‍යන්තරය සමග කතා කරන භාෂාව දන්නේ රනිල් විතරයි”

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කතා කරන භාෂාව තේරෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කරයි.

එමෙන්ම ජාත්‍යන්තර සමඟ කතාබහ කතා කරන භාෂාව තේරෙන්නේද ඔහුට පමණක් යැයිද හෙතෙම පැවසීය.

රනිල් වික්‍රමසිංහ යනු බොල් චරිතයක් නොවන බවත් ඔහුට යමක් කළ හැකි බවත් හෙතෙම පවසයි.

පසුගිය මාස දෙකක පමණ කාලය තුල සිදුකරන ලද වැඩපිළිවෙළ අනුව ඉදිරි කාලයේ දී රට නිවැරදි මඟට පැමිණෙනු ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

රූපවාහිනි නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »