ක්වන්ටාස් ඉහළම නිළධාරීන් ඩොලර් මිලියන ගණනක බෝනස් ගෙන ඇති බවට චෝදනා

දැඩි ආර්ථික අර්බුදයක් තිබියදී ක්වන්ටාස් සමාගමේ ඉහළම නිළධාරීන් විසින් ඩොලර් මිලියන ගණනක ප්‍රසාද දීමනා ලබාගෙන ඇති බවට වෘත්තිය සමිති චෝදනා කරනවා.

පසුගිය මැයි මාසයේදී නියමිත ගුවන් ගමන් අතුරින් සියයට 7 ක් අවලංගු කිරීමට සහ සියයට 40 ක් පමණ ප්‍රමාද කිරීමට සිදුව තිබූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එවැනි වාතාවරණයකදී පවා ක්වන්ටාස් විධායක නිළධාරීන් විසින් ඩොලර් මිලියන ගණනක ප්‍රසාද දීමනා හිමිකරගෙන ඇති බවටයි වෘත්තීය සමිති චෝදනා කරන්නේ.

කොවිඩ් තත්වය හමුවේ පසුගිය වසර 02 තුළදී ක්වන්ටාස් සමාගම ප්‍රසාද දීමනා ගෙවීම අත්හිටුවා තිබුණා.

එමෙන්ම මහජන බදු මුදල්වලින් ඩොලර් බිලියන 02 ක පමණ උපකාරයක් රජයෙන් ලබාගැනීමටයි ඔවුන් කටයුතු කර තිබුණේ.

මීට අමතරව සේවකයන් 2000 ක් පමණ ඉවත් කරමින් ගත් තීන්දුව අධිකරණයේදී පරාජය වීමද ක්වන්ටාස් පාලනාධිකාරිය ලද පසුබෑමක් ලෙසයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »