Poker ක්‍රීඩා නිසා වික්ටෝරියානුවන් $ බිලියන 66 ක් අහිමිකර ගනී

Poker ක්‍රීඩා කිරීම හේතුවෙන් පසුගිය වසර 30 තුළදී වික්ටෝරියානුවන් විසින් අහිමි කරගෙන ඇති මුදල ඩොලර් බිලියන 66 කට අධික බව නවතම වාර්තා හෙළි කරනවා.

වසර 30 කට පෙර Poker යන්ත්‍ර වික්ටෝරියාවට හඳුන්වාදීමේදී එවැනි යන්ත්‍ර ප්‍රාන්තය පුරා තිබී ඇත්තේ 10,000 ක් පමණ සංඛ්‍යාවක්.

එහෙත් මේ වනවිට එය 03 ගුණයකින් පමණ ඉහළ ගොස් 30,000 කට ආසන්න වී තිබෙනවා.

ඉන් බහුතරය Pubs සහ සමාජ ශාලාවල පිහිටුවා ඇති බවද සඳහන්.

වික්ටෝරියානුවන් Poker ක්‍රීඩා සඳහා ඇබ්බැහිවීම වළක්වාලීමට කිසිදු පියවරක් ගැනීමට අවධානය යොමුකර නැතැයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියා.

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »