රන්ජන්ට නිදහස දෙන්න රනිල් තීරණය කරයි

සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නිදහස ලබාදීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහගේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ(15) පස්වරුවේ පැවති අතර, කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන හිටපු ඇමැතිවරුන් රනිල් වික්‍රමසිංහ හමුවී ඇති බවයි පැවසෙන්නේ.

රන්ජන් රාමනායකට නිදහස ලබාදීම පිළිබද ඔවුන් දෙදෙනා වැඩ බලන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති අතර එම ස්ථානයට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ද පැමිණ ඇති බවයි වාර්තාවන්නේ.

අනතුරුව රන්ජන් රාමනායක නිදහස් කිරීමට අදාල සියලුම ලේඛන සකස් කර අවසන් බව ද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ගත යුතු ඉදිරි නීතිමය පියවර කඩිනමින් ගෙන රන්ජන් රාමනායක නිදහස් කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට වැඩ බලන රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

-LIVE AT 8

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »