ඔන්ලයින් ගණුදෙනු සඳහා මෙල්බන් තුළ ආරක්ෂිත ස්ථාන කිහිපයක්

ඔන්ලයින් ගණුදෙනු සිදුකිරීම සඳහා මෙල්බන් නගරය තුළ ආරක්ෂිත ස්ථාන කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පොලිස් ස්ථාන 24 ක් ආශ්‍රිතව සී සී ටී වී කැමරා පූර්ණව ක්‍රියාත්මක වන අන්දමිනුයි එම ස්ථාන සකස් කර ඇත්තේ.

ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ අලෙවි කරන සහ මිළදී ගන්නා පුද්ගලයන්ට එම ස්ථානවලට පැමිණ ආරක්ෂාකාරීව ගණුදෙනු සිදුකර ගත හැකි වනවා.

ඔන්ලයින් ගණුදෙනු සිදුකරන අතරතුර විවිධ පහරදීම් – මංකොල්ලකෑම් වැනි ප්‍රචණ්ඩ සිදුවීම් වාර්තාවීමත් සමගයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය මෙම පියවරට එළැඹී ඇත්තේ.

විශේෂයෙන් ජංගම දුරකථන අලෙවිකිරීම්වලදී මෙවැනි දරුණු හිංසන අවස්ථා කිහිපයක්ම මෑතකාලීනව වාර්තා වී තිබුණා.

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »