ජාත්‍යන්තර වරෙන්තුවක් ගෙන ගෝඨා අත්අඩංගුවට ගන්නැයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී යෝජනාවක්

ජාත්‍යන්තර වරෙන්තුවක් ගෙන ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි මහා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ඊයේ පැවති පාර්ලිමේන්තු සැසියේදීයි මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ.

මේ අතර සාමකාමීව කටයුතු කරන්නැයි සියලූ පාර්ශවවලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

සන්සුන්ව කටයුතු කරන්නැයි නැවත නැවතත් ප්‍රකාශ කරන බවත් දීර්ඝකාලීන ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ගෙනෙන විසඳුම් සඳහා කඩිනමින් පියවර ගන්නැයි ද රටේ යහපත උදෙසා කටයුතු කරන්නැයි ද සියලූ පාර්ශවවලට අවධාරණය කරන බව ඇය කියා සිටියා.

සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වය හෙළා දකින බව සඳහන් කරන ඇමෙරිකානු තානාපතිවරිය නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යා යුතු යැයි ද පවසනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල රාමුවට අනුව සාමකාමීව බලය හුවමාරු විය යුතු යැයි ද සාමකාමී බලහුවමාරුව අත්‍යවශ්‍ය යැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කලා.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »