අරලිය මැදුරේ අරගලකරුවන් ගැටී 10 ක් රෝහලේ

අරලිය ගහ මන්දිරයේ රැඳී සිටින විරෝධතාකරුවන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් තුවාල ලැබූ 10 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහි ප්‍රකාශිකාවක සඳහන් කලේ කැපුම් තුවාල සහිතව ඔවුන් රෝහල්ගත කර ඇති බවයි.

තරුණියක සහ තරුණයන් 09 දෙනෙකු මේ අතර වනවා.

මේ අතර පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ නායකයින් සහ අරගලයේ ක්‍රියාකාරීන් පිරිසක් අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පස්වරු 02ට කොළඹ මහජන පුස්තකාලයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

අරගලකරුවන් ලෙස සකස් කර ඇති ක්‍රියාකාරී සැලැස්ම හදුන්වා දීම සහ ඒ සදහා සම්මුතියක් ඇති කර ගැනීම එහි අරමුණ බව සඳහන්.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »